අඩු මිලට පොල් ගන්න. - පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද තියෙන ප්‍රදේශ සහ එහි පොල් මිල ගණන් මෙන්න. - විශේෂ පිරිසකට ගෙඩි 10 බැගින්.

By Wayomi Oct 28, 2024 03:45 AM GMT
Report

සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරනවා.

පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව පෙරවරු 9.00 සිට විවෘතවන අතර, එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.

මේ අතර හෙට (29) දින දෙහිවල නගරයේ දී පාරිභෝගික ජනතාව වෙනුවෙන් පොල් අලෙවි කරන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් අයිති යුවළකගේ සිරුරු දින දෙකකට පසු හමු වූ තැන.

ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් අයිති යුවළකගේ සිරුරු දින දෙකකට පසු හමු වූ තැන.