ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් අයිති යුවළකගේ සිරුරු දින දෙකකට පසු හමු වූ තැන.

By Wayomi Oct 28, 2024 03:33 AM GMT
Report

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය යුවලක් සියදිවි හානි කරගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කේරළයේ පරස්සලා නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස තුල තිබී අද(27) මෙම යුවලගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර දින කිහිපයක පටන් ඔවුන් පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ඇති වූ සැකය මත අසල්වාසීන් විසින් පොලිසියට මේ පිළිඳව දැනුම් දී ඇත.

ඒ අනුව පොලිසිය පැමිණ සිදු කළ පරීක්ෂාවේදී මෙම යුවළගේ සිරුරු හමු වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, සෙල්වරාජ් නැමැති වයස අවුරුදු 45 වන පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණ දින දෙකකට පෙර සිදු වන්නට ඇති බවයි.

මෙම යුවළ 'සෙල්ලු ෆැමිලි' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ නාලිකාවට ග්‍රාහකයින් 18,000 ක් පමණ සිටින අතර ඔවුන් වීඩියෝ 1,400කට වඩා පළ කර තිබෙනවා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යුවළගේ අවසන් වීඩියෝව සිකුරාදා රාත්‍රියේ පළ කර ඇති බවයි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.