ලංකාවටම සුබම සුබ ආරංචියක් - ආසියාවෙන් විශිෂ්ට තැනක්

Report

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ "Travelers’ Choice Awards Best of the Best" ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානයත්, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානයත් හිමිකරගෙන ඇත. එමෙන්ම Tripadvisor ආයතනය සඳහන් කරන ලෙස "Best of the Best" සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමින්.

ඉකුත් මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව වාර්තා වේ.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

මේ අතර දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, එහි ඇති ස්වභාවික සුන්දරත්වය සහ නිසල ජලය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා තිබෙනවා.

එසේම "Mirissa Right" නම් සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානය සහ Coconut Tree Hill ආශ්‍රිතව නැරඹිය හැකි හිරු බැස යන දර්ශනය Tripadvisor හි විශේෂ ඇගයීමට ලක්ව ඇත. මේ අතර බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ලොව සුප්‍රකට ගමනාන්තයක් වේ.

ජෙට් ස්කී (Jet skiing) සහ කයිට් සර්ෆින් (Kitesurfing) සඳහා පවතින පහසුකම් මෙන්ම එහි ඇති සුදු වැලි තලාව සංචාරකයින්ගේ ඉහළම මනාපය දිනා ගැනීමට හේතු වී තිබෙනවා.

2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් ලයිස්තුව පහතින්,

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

01. Banana Beach (Phuket)තායිලන්තය

02. Kelingking Beach (Nusa Penida)ඉන්දුනීසියාව

03. Radhanagar Beach (Havelock Island)ඉන්දියාව

04. Palolem Beach (Canacona)ඉන්දියාව

05. Mirissa Beach ශ්‍රී ලංකාව

06. White Beach (Panay Island)පිලිපීනය

07. Bentota Beach ශ්‍රී ලංකාව

08. Railay Beach (Krabi)තායිලන්තය

09. Nusa Dua Beach (Bali)ඉන්දුනීසියාව

10. Cenang Beach (Langkawi)මැලේසියාව

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේ.

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න