ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

Report

බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩි විය හැකිය.

ඒ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටී.

රට පුරා වැසි තත්ත්වයක් - සවස දෙකෙන් පසු කාලගුණයේ හදිසි වෙනසක් - ජනතාව දැනුවත් වෙන්න

රට පුරා වැසි තත්ත්වයක් - සවස දෙකෙන් පසු කාලගුණයේ හදිසි වෙනසක් - ජනතාව දැනුවත් වෙන්න

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60) දක්වා වැඩි විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.