මහ බැංකුවෙන් මුළු ලංකාවටම අසුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව මේ වන විට තිබෙන නිල සංචිතවල වත්කම් වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙස වාර්තා වී ඇති බවට සඳහන්වේ.

ඒ අනුව මෙය 2025 සැප්තැම්බර් මාසය සමග සංසන්දනය කරන විට නිල සංචිතවල වටිනාකම අඩුවී ඇති බවට වාර්තා වාර්තාවේ. සැතැම්බර් මස වාර්තා වූයේ ඩොලර්ර් මිලියන 6,244ක් වන අතර එහි පහල යාම 0.4% ලෙස සඳහන් වේ.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

 මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා 36.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

ජනවාරි ඉඳන් වැටුප වැඩි කරනවා කිව්වට ඒකෙත් කොස්සක් මෙන්න

ජනවාරි ඉඳන් වැටුප වැඩි කරනවා කිව්වට ඒකෙත් කොස්සක් මෙන්න

පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

ජනපති නිසා ලෝකයම පිළිගත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ලොක්කො දෙන්නෙක් ඉල්ලා අස්වෙයි

ජනපති නිසා ලෝකයම පිළිගත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ලොක්කො දෙන්නෙක් ඉල්ලා අස්වෙයි