ඉතිහාසයේ පළමුවරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගම් හතරකට ටෙන්ඩර් තහනම් කෙරේ

Report

 ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හතර දෙනෙකුට මාස 6ත් වසර 3ත් අතර කාලයක් සඳහා ටෙන්ඩර් ඉදිරිපත්කිරීම තහනම් කරමින් අසාදු ලේඛනගත කර ඇත.

මෙම සමාගම් හතරට අදාළ තහනම යටතේ අමාත්‍යාංශයේ විෂය පථය තුළ කිසිදු නව කොන්ත්‍රාත්තුවක් හෝ උප කොන්ත්‍රාත්තුවක් සඳහා එළඹීම ද තහනමනට ලක්කර ඇත.

මෙම තහනමට හේතුව වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ එක් කොටසකට අදාළව ලාභදායී කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා මෙම සමාගම් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වීමයි.

  මෙම තහනම පනවා 2024 දී ප්‍රකාශයට පත් කර තිබුණි .

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බලාත්මක වෙයි.

මෙම නව මාර්ගෝපදේශවල අරමුණු වන්නේ වංචනික හා දූෂිත ක්‍රියාවන් අවම කිරීමයි.

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් පිරිනමනු ලබන ඉහළම වර්ගීකරණය වන CS2 ශ්‍රේණියට මෙසේ අසාදු ලේඛනගත කළ සමාගම් හතරම අයත් වීමයි .

කෙසේ නමුත් ටෙන්ඩර් ඉදිරිපත්කිරීම තහනම සම්බන්ධයෙන් අදාළ සමාගම් වලට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. මාර්ග අංශය යටතේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් ඉතිහාසයේ සුවිශේෂී අවස්තාවක් ලෙස සැළකේ.

මිලියන 182.6ක හිගයක් ගැන මහ බැංකුවෙන් වාර්තාවක්

මිලියන 182.6ක හිගයක් ගැන මහ බැංකුවෙන් වාර්තාවක්