ඇමති වසන්තගේ හානි වූ කීර්තියට කෝටි පහක වන්දියක් ඉල්ලයි..
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලිපියක් යවා ඇත.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් සිදුවූ බව අමාත්‍යවරයා එම ලිපියෙන් පවසයි.
තමන් රුපියල් කෝටි 5ක වටිනා නිවසක් මිලදී ගත් බවට මන්ත්‍රීවරයා මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කළ බවත්, එමඟින් තම කීර්ති නාමයට බරපතළ හානියක් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එම මුදල දින 14ක් ඇතුළත ගෙවිය යුතු බවත්, එසේ නොකළහොත් අධිකරණය හමුවේ නඩු පවරා එම මුදල අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඔහු දැනුම් දී ඇත.