මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?

Report

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළහ.

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හා ඇමතිවරයෙක් අත්අඩංගුවට ?

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හා ඇමතිවරයෙක් අත්අඩංගුවට ?

එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ තොරතුරු හෙළි කළහ.

හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද නිලධාරීන් සඳහන් කළහ.

මෙයාව දැක්කොත් පොලීසියට කියන්න

මෙයාව දැක්කොත් පොලීසියට කියන්න

හිටපු අතිරේක ලේකම්වරයාට ඇප ලැබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරයට යවන ලදී.

2021දී කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ද, කෘෂිකර්ම රාජ්‍ය ඇමති ධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ද ඉටු කරන ලදී.