ඇමති විජිත මහාධිකරණයට එයි..!

Vijitha Herath Bribery Commission Sri Lanka Latest Headlines
By Sewvandhi Nov 29, 2024 09:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (29) කොළඹ මහාධිකරණය හමුවේ, අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා පෙනී සිටියේය.

ඉකුත් යහ පාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් ,පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළා යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත් මහතාට අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වන දා දක්වා කල්දැමීය. එදින අමාත්‍ය විජිත හේරත් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

ReeCha