බලය ලබාගන්න හොඳම අවිය බොරුව ඒත් අපි නැගිටිද්දී අපේ ගෙවලුත් ගිනි තියලා - රෝහිත

Report

මේ දිනවල ජාතික ජන බලවේගය ඉදිරිපත් කෙරූ අය වැය සම්බන්ධයෙන් විපක්ෂයේ බහුතරයක් දෙනා විවිධ අදහස් පළ කරමින් සිටි.

ඒ අනුව බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය බොරුව බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රෝහිත අබේ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

නමුත් ලබාගත් බලය ඉදිරියට ගෙන යාම සඳහා ඒ ආයුධය හෙවත් බොරුව පාවිච්චි කරන්න බැරි බවද ඔහු ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා

"ජනාධිපතිගේ අයවැය යෝජනා මමත් ඕන කමින් ඇහුවා. ආණ්ඩුවේ ඉන්න 159 ඒ කතාවට 83 වතාවක් අත්පුඩි ගැහුවා.අයවැය යෝජනාවලියේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් වෙච්ච හැටි කියනකොට එහෙම අත්පුඩි ගැහුවා. අපිත් ඔය පැත්තෙ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා.

එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදිය ගත්තා. උදේ එළිවෙන කොට ගෙවලුත් ගිනි තියලා. එහෙම තමයි.අපි නොහිතපු දේවල් වෙනවා.මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

මේ විවාදෙදි දැඩි ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වුණු චෝදනාව කුමක්ද? ගිය වසරේ අයවැය වියදම් වලින් සියයට 50 කටවත් කිට්ටු වී නැති බව කියැවුනා.මේකට හේතුව ගැන හොයන්න. නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ.පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි"

යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

පුංචි තාවිගෙන් ලෝක වාර්තාවක්

පුංචි තාවිගෙන් ලෝක වාර්තාවක්