මංගල අයවැය නිසා ප්‍රාදේශීය සභා උණුසුම් වෙයි - සභිකයන් ළඟ ප්ලාස්ටික් පිස්තෝලයක්

Report

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) දින එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත් වුණා.

මේ දිනවල 2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් සිදු වේ.

ඒ අනුව ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණා.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණා.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

එසේම පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද අද දින පැවැත්වුණා.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම නිසා ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්ව ඇත.

එබැවින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තම තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලැබුණු අතර එහිදී අයවැය සම්මත කර ගෙන තිබුණා. එමෙන්ම ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත.

මේ අතර ජාතික ජන බලවේගයට සභික ධුර නවයක් සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

එබැවින් පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කර ගැනීම සිදු විය.

පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා ඡන්දය භාවිත කිරීමෙන් වැළකුණා. මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද දින වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකි විය.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන්.

පාර්ලිමේන්තුවේ නුසුදුසු භාෂා භාවිතා ගැන විමර්ශනයක්

පාර්ලිමේන්තුවේ නුසුදුසු භාෂා භාවිතා ගැන විමර්ශනයක්

එමෙන්ම මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක ද නිරතව සිටියා.

ඔවුන් ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාමට එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවට චෝදනා කළා.

කෙසේ වෙතත් මෙහිදී මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුව තිබුණා.

එමෙන්ම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම - නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද දින එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියා.

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්