ගහක් ගලක් වගේ හිටපු මගේ මල්ලි - සබරේ ඉංජිනේරු පීඨයේ සිසුවාගේ හදිසි වියෝවෙන් ගමක්ම කම්පා වෙයි
ධනුක ගංගාසර දිසානායක යනු විසි එක් හැවිරිදි වියේ පසුව විශ්ව විද්‍යාල සිසුවෙකි. මෙම තරුණ සිසුවාගේ උගුර ප්‍රදේශයේ ඇති වූ සෙම අමාරුවක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබේ.
එහිදී ඔහුව හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරත් අවාසනාවට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී ලැබී නැත. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කර සතියකි.
නමුත් සහෝදර සහෝදරියන් අතර ඔහු ප්‍රසිද්ධ චරිතයකි. තම ආදරණීය සහෝදරයාගේ වියෝවෙන් වැළපෙන ඔහුගේ සොහොයුරිය ප්‍රකාශ කර තිබුණේ පහත ආකාරයේ සංවේදී කතාවකි.
මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා
"හිටි හැටියේ ගහක් ගලක් වගේ විනෝදෙන් හිටිය මල්ලි නැති උනා කිව්වහම මම නම් කීයටවත් විශ්වාස කරේ නැහැ.ඒ හින්ද මං උදේ වෙනකම් මේ ගැන කාටවත් කිව්වෙත් නෑ. ඒත් පහුවදා බැලුවහම ඒක ඇත්ත වෙලා.මට එතකොට එක පාරටම කිසි දෙයක් කරකියා ගන්න බැරිවුණා"
යනුවෙන් ඇය අදහස් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුවූ අතර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේද ගුණවර්ධන මහතා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇත.