පවුල් සෞඛ්‍ය සේවාවේ වෙන්න යන වෙනස්කම් - ගැටලු රැසකට කඩිනම් විසඳුම්
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විසින් පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමටත්, විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු වහාම විසඳීමට කටයුතු කරන බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව කියා ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) දින පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි.
අඳාළ සාකච්ඡාව පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සිදුව තිබෙනවා.
එමෙන්ම එම සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන අනෙකුත් අනෙකුත් වෘත්ති ගැටලු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේදී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
තවද පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් පවත්වා ගැනීමට මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන්ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එහිදී විසදුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව සඳහන්.