විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින එන්නත ගත් ශ්‍රී ලාංකිකයන්ට වෙන්න යන දේ
Sinopharm එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයින්ට විදෙස්ගත වීමේදී වෙනත් එන්නතක් ලබා ගැනීමට සිදු වුවහොත් එහි ඇති විද්‍යාත්මක තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදියෙකු අද (අගෝස්තු 18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. එහිදී සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
"සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒ වගේ ම යුද්ධ හමුදාවේත් සහය ඇතිව අදාළ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින විශාල ප්‍රමාණයකට දැනටමත් එම රටවලට ගැළපෙන මාත්‍රාව ලබා දීලා තියෙනවා. විදේශ නියුක්ති කාර්යාංශය මගින් සම්බන්ධීකරණය කොට 8000 වැඩි පිරිසකට එම රටවල් පිළිගන්නා එන්නත ලබා දීල තියෙනවා. දැනටත් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ඇතුළු ඉල්ලුම් කරන සියලු දෙනාට ම ඉල්ලුම් කරන පිළිවෙළ අනුව එම එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාව සතුව තිබුණේ එක විශේෂයක් පමණයි. Sinopharm එන්නත් තමයි Covishield එන්නතෙන් පස්සේ ලංකාවට බහුලව ම ලැබුණේ. ඒ අවස්ථාවේදී එම ක්‍රියාවලිය හරියට සිදු කරන්න නොහැකි වුණා එන්නත්වල තිබිච්ච සීමිතභාවය නිසා."
මේ වන විට ලෝකයේ නිෂ්පාදිත සෑම එන්නතක් ම මෙරටට ලැබී ඇති බැවින් විදෙස්ගත වීමට නියමිත රටට ගැළපෙන පරිදි එන්නත ලබා දීමට රජය කටයුතු කරන බව රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
"මුල් අවස්ථාවේදී Sinopharm එන්නත් දෙක ලබාගෙන තියෙනව නම් දැනට වෙන විකල්පයක් ඇත්තට ම නැහැ. මොක ද ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි නිර්දේශයක් ලබා දීලා නැහැ. එවැනි නිර්දේශයක් ලබා දීලා තිබෙන්නේ Covishield එන්නතට පමණයි. අර mix & match ක්‍රමවේදය යටතේ. දැනට සෞඛ්‍ය අංශවලින් එවැනි නිර්දේශයක් ලබා දීලා නැහැ අවාසනාවකට," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
- - - - - - - -- - - - - - - - - - - - - - - --- - -
කෝවිඩ් ආසාදිත දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම වෛද්‍ය අධීක්ෂණය-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |