ජනාධිපතිගේ විදෙස් සංචාර වෙනුවෙන් වියදම් වූ මුදල ඇමති නලින්ද පවසයි

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lanka
By Zara Feb 28, 2025 02:33 PM GMT
Zara

Zara

Report

ජනාධිපති අනුර කුමාරගේ පසුගිය 05 තුලදී සිදු කළ විදෙස් සංචාර 03ක් වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (28) පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ ජනපතිවරයාගේ චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් චීන රජය විසින් ලබාදුන් බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම සංචාරය සඳහා වියදම් කර ඇත්තේ රුපියල් 388,000ක් පමණක් බවයි.

එමෙන්ම, එහිදී ජනපතිවරයාට දෛනික දීමනාව ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් 2,055ක මුදල වියදම් නොකර නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දුන් බවද ඔහු පැවසීය.

එමෙන්ම, ඉන්දියනු සංචාරය සඳහා ගුවන් ප්‍රවේශය සඳහා රුපියල් 312,350 සමඟ රාජතාන්ත්‍රිකව ලබා දෙන සිහිවටනය සඳහා වෙන් කළ මුදල් සමඟින් වියදම් වූ මුළු මුදල රුපියල් 1,220,000 ක් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

එමෙන්ම, ඩුබායි සංචාරය සඳහා ජනාධිපතිවරයාට දෛනික දීමනාව ලෙස අමෙරිකානු ඩොලර් 500ක් ලැබුණු බවත්, එම මුදලද නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දුන් බවත් සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කළා.

එම සංචාරය සඳහා ගුවන් ටිකට්පත් එරටින් ලැබුණු බවත්, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කර ඇත්තේ රුපියල් 279,971 ක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

සා.පෙළ විභාගය ගැන දැනුම්දිමක්

ලාෆ්ස් ගෑස් මිල පිළිබඳ තීරණයක්

ලාෆ්ස් ගෑස් මිල පිළිබඳ තීරණයක්

ReeCha