කෝටි ගණනක් බදු පැහැර හැරි කැසිනෝ කෝටිපතියන්. - කැසිනෝ එකට ඇතුල් වීමට ඇමරිකානු ඩොලර් 50ක්.

Sri Lanka Government Of Sri Lanka Income Tax Department
By Wayomi Jul 01, 2023 06:18 AM GMT
Wayomi

Wayomi

Report

කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනෙක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 44 ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්.

කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු අතර කැසිනෝ ව්‍යාපාරවලට නියම කෙරුණු රුපියල් කෝටි එකසිය පනස් පහකට වැඩි දඩ මුදල් ප්‍රමාණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන නොමැත.

කැසිනෝ ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයකු මෙන්ම ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් කැසිනෝ ඇතුළු වීමේ බද්ද ලෙස අයකර ගැනීමට අයවැය මගින් යෝජනා කර ඇතත් මෙම බද්ද අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන්.