කොරෝනා කිරිපිටි පොකුරක් බිහිවෙයි??.මෙන්න අද සිදුවූ දෙයක්.(VIDEO)

Covid Milk powder Narahampita
By Aruna Oct 04, 2021 07:09 AM GMT
Aruna

Aruna

Report

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව අද (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කිරිපිටි මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කිරිපිටි ආනයනකරුවන් අවස්ථා ගණනාවකදී රජයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳව අද දිනයේ කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වූ කිරිපිටි අද දිනයේ සිට නිදහස් කරගැනීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

ඒ අනුව කඩිනමින් අදාළ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

මෙවැනි තත්ත්වයක් තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පාරිභෝගික ජනතාව කිරි පිටි ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල සිටින ආකාරය දකින්නට ලැබේ.

ජනතාව මෙලෙස දිගු පෝලිම්වල සිටිමින් කටයුතු කළහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉදිරියේදී තවත් වැඩි විය හැකි අවධානමක් පවතින බව ඔබ තේරුම් ගන්න.

මේ එලෙස නාරාහේන්පිට ප්‍රදේශයේ කිරිපිටි ලබාගැනීම සඳහා පැමිණි විශාල පිරිසක් අද උදෑසන සිට පැමිණ සිටින අයුරුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now