කිරිපිටි මිල සම්බන්ධයෙන් නව විශේෂ තීරණයක්
කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කිරීමට රජය කටයුතු කළ අතර දේශීය කිරිපිටි නිෂ්පාදන අලෙවිසැල් අසල අදත් දිගු පෝළිම් දක්නට ලැබුණි. කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ පැවති හමුවේදී තීරණය කෙරුණි.
එහිදී තේ වගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිස්කාරකය අඩංගු සුදුසු පොහොරක් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද සඳහන් කළේ ඉල්ලුම හා සැපයුම මත ඉදිරියේදී භාණ්ඩ මිල තීරණය වන බවය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවිය.
ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟු පිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට එහිදි යෝජනාවී තිබුණි.
ආනයනකරුවන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි , තිරිඟු පිටි, සිමෙන්ති මෙන්ම ගෑස්වල දැඩි හිඟයක් නිර්මාණය වුණි.
කෙසේ වෙතත් කිරිපිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර අද (08) දහවල් සාකච්ඡාවක් පැවැත් වුණි. එහිදී කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒ අනුව එම මිල ගණන් සඳහා රජය එකඟ වුවහොත් කිරිපිටි කිලෝවක් රුපියල් 1,300 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක් දක්වා ඉහළ යනු ඇතියි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා සිමෙන්ති ආනයනකරුවන් අතර සාකච්ඡාව පැවතියේ ඉන් අනතුරුවයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් හස්ති සිමෙන්ති සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඉන්දික ගීගනගේ මහතා පවසා සිටියේ සිමෙන්ති මිටියක් රු 200කින් ඉහළ දැමීමට ඉල්ලූ බවය. තිරිඟු පිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |