කිරිපිටි මිල එකවර විශාල ගණනකින් අඩු කරයි?..අඩු කරන දිනයත් දැනුම්දෙයි..
මෙම මස 23 වනදා සිට වෙළඳපොල තුල නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි මිලදී ගැනීමේ හැකියාව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මේ බව කියා සිටියේ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.
මේ අතර අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
ලබන සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද ආනයනකරුවන් සඳහන් කළා.
කෙසේවෙතත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බවයි වෙළෙඳ අමාත්‍යවරයා පසුගියදා (12) ප්‍රකාශ කළේ.
ඒ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කරන බවට පවසමින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |