ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තුරු එරට වරායන්ට පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බවයි.
යුද්ධය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වේද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
පසුගිය සතියේ ආරම්භ කළ මෙම වරාය අවහිර කිරීම් හේතුවෙන් ඉරානය දැඩි ආර්ථික හා යටිතල පීඩනයකට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳව Truth Social හරහා සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේය.
එමෙන්ම, මෙම ගැටුම තුළ තම රට ඉහළ වාසියක් ලබාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය ලබන බදාදායින් අවසන් වීමට නියමිතව තිබියදී ඔහු මෙම අදහස් පළ කර ඇත.
එමෙන්ම සාම සාකච්ඡා දෙවන වටය පකිස්ථාන තුළ පැවැත්වේද යන්න පිළිබඳව තීරණයක් මෙතෙක් ගෙන නොමැත. මේ අතර, එම සාකච්ඡාව අපේක්ෂාවෙන් ඉස්ලමාබත් නගරයේ ආරක්ෂාව දැඩි කර තිබේ.