කාලගුණයෙන් හදිසි නිවේදනයක් - පස්වරු 1 න් පසු අහස රුදුරු වෙයිද?
කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව අනතුරු අඟවන්නේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ලැබිය හැකි බව සඳහන් වේ.
ඒ අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පවතින්නට ඉඩ ඇත.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි බැවින්, ඒවා අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.