ආනයනික කිරිපිටි මිල අඩු කිරිම හමුවේ දේශීය කිරිපිටි මිල ගැන ගත් තීරණය.
By krishani
අද (27) සිට ආනයනික කිරිපිටි මිල පහත දැමුව ද දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු කළ නොහැකි බව සමාගම් ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළේ ය.
ඒ අනුව රුපියල් 1,240 කට අලෙවි වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල 1,160 ක් දක්වා අඩුවන අතර, කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 3,100 සිට රුපියල් 2,900 දක්වා අඩු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |