සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද වෙළඳපොලට..මිලත් ඉහලට.
milk powder
lasantha alagiyavanna
By Sewvandhi
ආනයනික කිරිපිටි අද සිට වෙළෙඳපොලට නිකුත් කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 250 කින්.
නව මිල සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 945 ක්ව පැවති කිලෝග්රෑම්යේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,195 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 380 සිට 480 ක් දක්වා ඉහළ නංවා ඇතැයි ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළා.
ඉදිරි දින කිහිපය තුළ කිරිපිටි මිලදී ගැනීම සඳහා පවතින තදබදය පහව යනු ඇතැයි ද ඔහු පැවසුවා. මේ අතර ආනයනික කිරි පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරි පිටි මිල ද ඉහළ දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |