එළ කිරි බොන්නෙ බලා ගෙනයි.. වෙළඳ පොලේ ජාවාරමක්..

Milk Market
By Aruna Jul 21, 2021 06:00 AM GMT
Aruna

Aruna

Report

කල් ඉකුත් වූ එළ කිරි ලේබල් වෙනස් කර නැවත වෙළඳපලට යැවීමට කටයුතු කළ බව කියන දොම්පේ ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය කරන ආයතනයක් මුද්‍රා තබා තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගම්පහ පාරිභෝගික අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් සමග කළ වැටලීමකින් පසු මෙම ස්ථානයට මුද්‍රා තබා තිබෙනවා.

මෙහිදී කල් ඉකුත් වූ මිලිලීටර් 500 ප්‍රමාණයේ කිරි බෝතල් 1500 ක් සහ කලවම් කිරීමට ගෙනා තවත් කිරි බෝතල් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ එහි කළමනාකරු ඇතුළු තවත් 6 දෙනක් එහි සිට තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now