යුද්ධ උණුසුම මැද ශ්‍රී ලංකා ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියත් වැට උඩ

Report

මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තරගාවලිය කල්දැමීම හෝ ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා පවත්වන බව ද සඳහන්.

එළඹෙන මාර්තු 13 වැනිදා සිට සාජා සහ ඩුබායි නගරවල ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස සහ එක්දින තරඟ සම්බන්ධයෙන් මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, තත්ත්වය සමනය නොවුනහොත් තරගාවලිය කල්දැමීම, අවලංගු කිරීම හෝ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා පවත්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.  

ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී

ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න