නව අගමැතිනිය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්...
By Parami Dissanayake
නව අග්‍රාමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී දැනට ක්‍රියාත්මකව පවතින ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුලපිරීම් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන් වේ.
එමෙන්ම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර ඇති බව සඳහන් වේ.