අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු STC සභාපතිට ඇප

Report

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අල්ලස් දැලේ

රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අල්ලස් දැලේ

ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව කොකුන් ගබඩා ( තාවකාලික ගබඩා) පනහක් ආනයනය කිරීම මගින් මෙම සංස්ථාවට එනම් රජයට රු.99,679,799,70 ක් සිදු කිරීම හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවය වෙත ලබාදීම යන චෝදනාව යටතේ අද දින (31) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්