අයිඩියල් මෝටර්ස් විසින් අති නවීන Mahindra Pikup රථ දෙකක් හඳුන්වා දෙයි
ඉන්දියාවේ නිෂ්පාදනය කරන Mahindra රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත වන අයිඩියල් මෝටර්ස් විසින් Mahindra අතිනවීන Pikup රථ දෙකක් මෙරට වෙළෙඳපොළට පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති Ceylon Motor Show හිදී මෙම Mahindra Pikup Single Cab හා Double Cab රථ වාහන අයිඩියල් මෝටර්ස් වෙතින් හඳුන්වා දෙනු ලැබිණි.
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ඩිලානි යටවක, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂිකා නිමීෂා වෙල්ගම, අයිඩියල් මෝටර්ස් වාණිජ වාහන අංශයේ සාමාන්‍යාධිකාරී කසුන් ප්‍රනාන්දු, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික) සම්පත් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ව්‍යාපෘති) කැළුම් ගජනායක, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නවතම Mahindra Pikup / Single Cab හා Double Cab රථ වාහන වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු කෙරිණි.
Ceylon Motor Show ප්‍රදර්ශනය මෙම මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යණ්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කැබ් රථ සඳහා ප්‍රදර්ශනය නැරඹු බොහෝ දෙනකුගේ විශේෂ ආකර්ෂණයක් හා අවධානයක් වීම විශේෂත්වයකි.
එන්ජින් ධාරිතාව 2200 cc ක ජවසම්පන්න එනජිමකින් සමන්විත Mahindra Pikup Single Cab හා Double Cab රථ මල්ටිෆන්ෂන් සුක්කානම, Dual AC, Dual Airbag, 4×4 තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත බව මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් හි වාණිජ වාහන කාණ්ඩයේ සාමාන්‍යාධිකාරි කසුන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් ප්‍රනාන්දු මහතා, Mahindra Pikup රථ වාහන මිලදී ගන්නා පළමු ගැණුම්කරුවන් සඳහා සුවිශේෂී වට්ටම් ලබාදීමට කටයුතු කර ඇති බවත් මෙම Pikup රථ සඳහා කිලෝමීටර 100000 ක් හෝ වසර 03 ක පූර්ණ විශ්වාසනීය වගකීමක් අයිඩියල් මෝටර්ස් වෙතින් ලබාදෙන බවත් කියා සිටියේය.
එමෙන්ම මෙම Mahindra Pikup රථ සුදු , කළු සහ අළු යන වර්ණ වලින් ලබාගත හැකි අතර Manual සහ Auto මාදිලි මෙන්ම 4x4 තාක්ෂණය සහිතව ද ලබා ගත හැක .ව්‍යාපාරික කටයුතු සහ පවුලේ පාවිච්චිය සදහාද මෙම කැබ් රථ භාවිතා කල කැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.
2009 වසරේ ආරම්භ කරන ලද අයිඩියල් මෝටර්ස් සමාගම වසර 16කට අධික කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටී.
අයිඩියල් මෝටර් සමාගම මේ වන විට ත්‍රීරෝද රථයේ සිට බස් රථය ට්‍රක් රථය දක්වා පුළුල් වූ පරාසයක වාහන මෙරටට ආනයනය කල එකම සමාගමයි .
එමෙන්ම 2019 වසරේදී ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ Mahindra KUV රථ සහ Mahindra Bolero රථ මෙරට නිෂ්පාදිත කොටස් අගය එකතු කර එකලස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම කටයුතු කර තිබේ.
Mahindra Bolero City Pikup රථය එම කාණ්ඩයේ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළෙහි අංක 01 රථය බවට පත් වී ඇති අතර එම කාණ්ඩයේ වෙළෙඳ පොළ කොටස් අගය 85%කි. අයිඩියල් මෝටර්ස් සතු සුවිශේෂීම ලක්ෂණය වන්නේ අලෙවියෙන් පසු සේවය වන අතර දීප ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය හරහා ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් අමතර කොටස් හා සේවා ලබාගැනීමේ හැකියාව අයිඩියල් මෝටර්ස් විසින් නිර්මාණය කොට තිබේ.



 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        