රැවුල් කුමාරගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්ද්‍රව්‍යය එක්ක මාට්ටු

Report

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම් සිදුකරමින් සිටි ‘රැවුල් කුමාර’  නැමැත්තාගේ , අනුරාධපුර සහ ඒ අවට මත් ද්‍රව්‍යය බෙදාහරින ජාලයේ ගෝලයෙකු  සමඟ රුපියල් ලක්ෂ 20කට වැඩි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (30දා) පස්වරුවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන අතර, අනුරාධපුර පණ්ඩුලගම කොරකහවැව ප්‍රදේශයේ පදිංචි වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ “විෂ මත් ව්‍යසනය තුරන් කරන රටම එකට” ජාතික වැඩසටහනට අනුකූලව මෙහි දී  විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත්තේය.

පොලීසියේ පිස්සු නැටූ තුන්දෙනෙකුට මාංචු

පොලීසියේ පිස්සු නැටූ තුන්දෙනෙකුට මාංචු

පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති බවයි. එමෙන්ම, සැකකරුගෙන් අත්අඩංගුවට ගත් අයිතම අතර රුපියල් 20,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යෑමට භාවිතා කළ ජංගම දුරකථනයක්ද ඇත.

පොලිසිය දැනුම්දුන්නේ, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝ කාලයක් පවත්වාගෙන යන බව හඳුනාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්