ඖෂධ ගැනීමේදී සැලකිළිමත් වන්න... වෛද්‍යවරුන්ගෙන් ජනතාවට දැනුම් දීමක්

Sri Lanka Doctors Covid patient Tablas
By Aruna Aug 26, 2021 02:37 AM GMT
Aruna

Aruna

Report

උණ, ඇඟපත වේදනාව පවතී නම් ගත යුතු ඖෂධය මෙන්න නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් ලබා නොදෙන ලෙස ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පැවැසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්යවරිය සඳහන් කළේ දැනට කොවිඩ් මර්දනය සඳහා කිසිදු ඖෂධ වර්ගයක් නොමැති බවයි.

කොවිඩ් මර්දනය සඳහා ඇති විශේෂිතම ප්‍රතිකාරය එන්නත්කරණය බවද ඇය සඳහන් කළාය. එසේම වෛද්‍ය උපදෙස් අනුව විටමින් වර්ග ලබාගන්නේ නම් එම ඖෂධ පමණක් ලබාගන්නා ලෙස මහාචාර්යවරිය ඉල්ලා සිටියාය.

තවද කොවිඩ් ආසාදිතයන්ට උණ, ඇඟපත වේදනාව පවතී නම් දවසකට තුන් වතාවක් පැය හයකට වරක් පැරසිටමෝල්ට් පෙති දෙකක් බැගින් ලබාගන්නා ලෙසත්, කුඩා දරුවන්ට බර අනුව පැරසිටමෝල්ට් මාත්‍රාව ලබාදෙන ලෙසත් සඳහන් කළාය.

එසේම හෘද රෝගීන් ලබාගන්නා ‘ඇස්ප්‍රින්’ ඖෂධය කොවිඩ් ආසාදිත අය ලබාගන්නා විට වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු යයි විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now