18 හැවිරිදි තරුණයාගේ බිහිසුණු සමූහ වෙඩි තැබීම..(VIDEO)

By Sewvandhi May 16, 2023 07:53 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ තවත් වෙඩිතැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිදෙනකු මියගොස් ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් 18 හැවිරිදි වෙඩික්කරු මියගොස් තිබුණි.

වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා හෝ මියගොස් ඇත් නම් එය සැලකෙන්නේ සමූහ වෙඩිතැබීමක් ලෙසය. වසරේ ගෙවුණු කාලය තුළ පමණක් අමෙරිකාව තුළ සිදුව ඇති සමූහ වෙඩිතැබීම් ගණන 225කි.

මෙම වෙඩි තැබීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත අයුරින්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now