පොල් අලෙවිය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

gazette coconut maximum retail price
By Sewvandhi Jun 19, 2021 02:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද,

වට ප්‍රමාණය අඟල් 12 - 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ

වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.

ඒ අනුව එම ගැසට් පත්‍රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ 2232/ 38 දරණ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery