පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනා ගැනේ.

Easter
By Thaya Apr 06, 2021 05:46 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද පැවසු අමාත්‍යවරයා, 2014 දී එම පුද්ගලයා විසින් එයි.එස් මතවාදය ගෙන ආ බවත් කියාසිටියේය. පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය. මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය