ඉරානයේ 09වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන්...

Iran Election World Iran President
By Parami Dissanayake Jul 06, 2024 05:23 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබෙනවා.

ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි.

ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමග හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණි.

පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වීමෙන් දෙවැනි මත විමසුමක් සඳහා යොමුවීමට සිදුවිය.

[OM7CW8C

ඒ අනුව, ඊයේ පැවති ඡන්ද විමසීමෙන් මනාප මිලියන 16.5ක් දිනා ගනිමින් ජනාධිපතිවරණ සටන ජය ගැනීමට 71ක් හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් සමත්වුණි.

ඉරානයේ ටැබ්‍රිස් නගරය නියෝජනය කරමින් 2008 වසරේදී ඉරාන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මසූඩ් පෙසෙෂ්කියන් ඉරානය මත ඇති ආර්ථික සම්බාධක ඉවත් කර ආර්ථිකය දියුණු කරමින් ඉරානය බාහිර ලෝකයට විවෘත කරන බවට පෙසෙෂ්කියන් පොරොන්දු වී ඇත.

කලා වැව ජාතික උද්‍යානයෙන් අභිරහස් මළ සිරුරක්...

කලා වැව ජාතික උද්‍යානයෙන් අභිරහස් මළ සිරුරක්...

ඉරානයේ පවතින බොහෝ දේශපාලනික ප්‍රතිපත්ති විවේචනය කරන ඔහු ලිංගික අසමානතාව අවසන් කර සම අයිතීන් ලබාදෙන බවටත් පොරොන්දු දුන් නායකයෙකි.

එමෙන්ම ඔහු ඉරාන කාන්තාවන් මත පටවා ඇති හිජාබ නීතිය පවා විවේචනය ලක් කරන්නෙක් වීම විශේෂත්වයකි.