ඊයෙ ස්ටිකරය භාවිතා කර අද ගමන් කරන්නට බැහැ
isolated
Colombo
Ajith Rohana
travel restriction
sticker
By Sewvandhi
දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් ස්ථාන 52ක දී කොළඹ නගරයට ඇතුළු වන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ඒවායේ වාමුවාව මත ස්ටිකර ඇලවීමේ වැඩපිළිවෙළ අදත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඊයේ ඇලවූ ස්ටිකරය භාවිත කරමින් අද දින ගමන් කළ නොහැකි බවයි.
වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද වෙනත් වර්ණයකින් යුතු ස්ටිකරයක් වාමුවාව මත අලවන බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ දින මෙම වැඩපිළිවෙළෙහි සිදු වූ යම් අඩුපාඩු නිවැරදි කර ගනිමින් මෙම මෙම වැඩ පිළිවෙල අඛණ්ඩව දැඩි සංචරණය සීමා පවත්වන සෑම දිනකදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |