සෙල්ලම් කරමින් සිටියදී ඇද වැටී මියගිය දැරියට කොවිඩ්.. !
නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති කුඩා දැරියකට කොවිඩ් වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.
මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ සඳහන් කළා.
“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පිට් එක හැදිලා කියලා. ළඟම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවැසුවා.”
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැලඳීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.
මේ අතර, නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මෙලෙස අත්අඩංගුවට පත්වන පිරිස දිනෙන් දින ඉහළ ගිය අතර මීට පෙර එම සංඛ්‍යාව වාර්තා වූයේ පුද්ගලයින් 639ක් ලෙසය.
ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414කි. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1,028 ක් සහ පුද්ගලයන් 1,807 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
මේ අතර, තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. (23) දින තහවුරු කර ඇති එම මරණ 190ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 77 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. මේ අතර එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද වෙයි.
රටේ විශාල අනතුරු ඇඟවීමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |