අනතුරක් අතළඟ ඇති මරදාන ගුවන් පාලම - බලධාරීන්ගේ අවධානය පිණිසයි
By Hashini
දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමක් ලෙස මරදාන ගුවන් පාලම හැඳින්විය හැකිය.
මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණ ඉදි කර ඇති මෙය අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙනවා.
එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලම නිසි ලෙස නඩත්තුකර නොමැති බව එය දකින ඕනෑම අයෙකුට හැගීයන නිසාම එහි ආරක්‍ෂිතභාවය පිළිබඳව ගැටළුවක් තිබෙනවා.
නමුත් ගැටලුව වී ඇත්තේ වගකිය යුතු කිසිවෙකුගේ ඇස එහි නොගැටීමය.
ඊයේ දින ඇද හැලුනු අධික වැසි සහ සුළං හේතුවෙන් ගුවන් පාලමේ වහල ගැලවී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් පාලම මතින් ගමන්කරන පදිකයින් මෙන්ම ඒ අවට වෙළෙඳාම් කරන පිරිසද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය. පාලම ජනතාවගේ හිස මතට කඩාවැටෙනතෙක් නොසිට කඩිනමින් පිළිසකරකරදීම බලධාරීන් සතු වගකීමක් වනවා.