මගේ සමහර ආදර සම්බන්ධතා තිබුනේ දවස් 2යි, නමුත් තවමත් මං තනිකඩයි -මනෝජ් පීරිස්..(PHOTOS)

Gossip Today
By Sewvandhi Jun 12, 2022 03:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දෙරණ නාලිකාවේ ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ සංගීතවේදියෙක් තමයි මනෝජ් පීරිස් කියලා කියන්නේ. ඉතින් ඔහුගේ පවුලේ ඔහුට ඉන්නේ අක්කලාම හතර දෙනෙක්. මල්කාන්ති, නිමලා, නිරංජලා, සකුන්තලා අක්කලා හතර දෙනාම ඔහුට එක වගේ ආදරෙයි කියලයි ඔහු කියන්නේ. ඉතින් ලාංකීය කලා ක්ෂේත්‍රයේ මහ පවුලක බාල පුරුක විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සංගීත් නිපුන් මහාචාරිය සනත් නන්දසිරි සහ නැසීගිය විශාර ද විජේරත්න රණතුංග, අබේවර්ධන බාලසුරියගේ මස්සිනා වන්නේද ඔහුයි. ඒ වගේම සෙව්වන්දි රණතුංග, අනුරාධා නන්දසිරිගේ ආදරණීය පුංචි මාමාද ඔහුයි. ඉතින් රටක් ආදරය කරන අපූරු කළා පවුලකින් පැවතගෙන එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු මේ දවස්වලත් සුපුරුදු විදියට රූපවාහිනි නාලිකා හතරක විතර සංගීත වැඩසටහන් මෙහෙයවීම සහ අධ්‍යක්‍ෂණය සිදු කරනවාලු. ඒ වගේම මැයි මාසය කියන්නේ ඔහුට බොහෝම වැඩ තියෙන මාසයක් කියලත් ඔහු කියනවා. නමුත් පවතින තත්ත්වය එක්ක ඒ වැඩ බොහොමයක් අඩුවෙලාලු. ඒත් සුපුරුදු විදිහට රූපවාහිනි සංගීත වැඩ සටහන් ටික කරගෙන යනවාලු. ඉතින් ඒ වගේම ඔහුට හිතෙන විදියට තනිකඩකම සුන්දරයි කියලයි ඔහු කියන්නේ. එක වෙලාවකට විඳගන්න අමාරුයිලු. ඒත් සමහර සිදුවීම් දකිද්දී මේ තනිකඩ ජීවිතේ හොඳයි කියලා හිතෙනවාලු. ඉතින් ඒ වගේම ජීවිතේ ඉතුරු ටිකත් මේ විදියට ඉන්න එක හොඳයි කියලා ඔහුට හිතෙනවාලු.

ඒ වගේම ඔහු මේ වෙනකන් ජීවිතය තනියම ගෙව්වේ නැහැ කියලත් ඔහු කියනවා. ආදරය ලැබුණාලු, ආදරය ලබනවාලු, ආදරය ලැබෙනවාලු. ඒ විදියට ආදරය එක්ක ආ ගමනක් කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට ගිවිස ගත් ආදරයක් නැතත් ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු මිනිසුන්ට ආදරය කරනවා වගේම ගහට කොළට සතුන්ටත් ආදරය කරනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම දවස් දෙකෙන් අහවර වෙච්ච ආදර සබඳතා පවා ඔහුට තිබුණාලු. ඒ වගේම ඔහුට ඒ කාලයේ ඉඳලම හිටියේ පිරිමි යාළුවන්ට වඩා ගැහැණු යාළුවෝලු. ඒ නිසාමදෝ විවාහය කියන දේ ඉස්සරහට ආවේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු එයාවම මැරි කරනවා කියලා කා එක්කවත් ඇසුරක් තිබුණේ නැහැලු. ඒත් එදා වගේම අදටත් ඔහුට ඉන්නේ යෙහෙළියන්. ඉතින් එයාලගේ ආදරය සුන්දරයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ. (උපුටා ගැනීමකී)


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery