සයි පල්ලවි සහ විජේ සේතුපති එක්වූ මනි රත්නම්ගේ නව සිනමා පටයේ හවුරා පාලම අසළ දසුන් එළියට
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු නිළි දෙපළක් වන සයි පල්ලවි සහ විජේ සේතුපති, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ මනි රත්නම්ගේ නව චිත්‍රපටය සඳහා මේ දිනවල කොල්කටා නගරයේ රූගත කිරීම්වල නිරතව සිටිති.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූප කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගොස් තිබේ.
එම ඡායාරූපවල විජේ සේතුපති රැවුල සම්පූර්ණයෙන්ම ඉවත් කළ නව පෙනුමකින් දැක්වෙන අතර, සයි පල්ලවි සරල දිගු ඇඳුමකින් සැරසී සිටින අයුරු දැකගත හැකිය.
''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි
කොල්කටා නගරයේ ප්‍රසිද්ධ හවුරා පාලම මත සිදුකෙරුණු මෙම රූගත කිරීම් අතරතුර දෙදෙනා සිනහසෙමින් දර්ශන සඳහා සූදානම් වන ආකාරයත්, මනි රත්නම් අධ්යක්ෂණ උපදෙස් ලබාදෙන ආකාරයත් ඡායාරූපවල දැක්වේ. එමෙන්ම ඔවුන් දෙදෙනා අත් අල්ලාගෙන පාලම මතින් ගමන් කරන දර්ශනද එහි ඇතුළත්ය.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ රසිකයින්ගෙන් විවිධ ප්‍රතිචාර හිමිව තිබේ. බොහෝ දෙනා චිත්‍රපටය පිළිබඳ උනන්දුව පළ කර ඇති අතර, තවත් පිරිසක් චිත්‍රපටයේ කතා තේමාව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
මනි රත්නම්ගේ නව නිර්මාණය දැනට "Production No. 23" ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය සයි පල්ලවි මනි රත්නම් සමඟ එක්වන පළමු අවස්ථාව වන අතර, විජේ සේතුපති 2018 වසරේ තිරගත වූ Chekka Chivantha Vaanam චිත්‍රපටයෙන් පසු නැවතත් මනි රත්නම් සමඟ එක්වන නිර්මාණය වේ.
මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා ඒ. ආර්. රහ්මාන් එක්වන අතර, Sony Music South ආයතනය එහි සංගීත ප්‍රකාශන හවුල්කරුවෙකු ලෙස එක්ව ඇති බව නිෂ්පාදකයින් නිවේදනය කර තිබේ.
විජේ සේතුපති 2025 වසරේදී Ace සහ Thalaivan Thalaivii ඇතුළු චිත්‍රපට කිහිපයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි අතර, 2026 වසර ආරම්භයේදී Gandhi Talks චිත්‍රපටයටද එක්විය. ඔහු ඉදිරියේදී Train සහ Slum Dog: 33 Temple Road ඇතුළු චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වී සිටී.
සයි පල්ලවි අවසන් වරට Thandel චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි අතර, ඉදිරියේදී ඇය Ramayana: Part 1 සහ Ramayana: Part 2 චිත්‍රපටවල සීතාගේ චරිතයට පණ පෙවීමට නියමිතය.
මනි රත්නම්ගේ අවසන් අධ්‍යක්ෂණය වූ Thug Life චිත්‍රපටය කමල් හසන් සහ සිලම්බරසන් ප්‍රධාන චරිත නිරූපණය කළ නිර්මාණයක් වන අතර, එය 2025 ජූනි 5 වැනිදා තිරගත විය.