කොරෝනා ආසාදිත මංගල සමරවීර අභාවප්‍රාප්ත වී තිබෙන බවට රාවයක්.

Covid Mangala samaraweera
By Aruna Aug 18, 2021 08:50 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.

එසේ හුවමාරු වන වාර්තා අසත්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පතහවුරු කළා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුනේ පසුගිය දායි.

රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවුණා.

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව තුළ ද ඊයේ අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කළා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු වූ බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now