පළමු විවාහ සංවත්සරය දා මාධව සහ බිරිඳ මුළු සිරුරම දන් දෙයි(PHOTOS)..

Sri Lanka Gossips Madawa wijesinghe Derana Little star
By Aruna Oct 31, 2021 03:24 AM GMT
Aruna

Aruna

Report

මාධව විජේසිංහ මොහු නොදන්නා කෙනෙක් නැති තරම්.

නිවේදනයෙන් මුළු රටක් වසගයට ගත් හදවතෙහි රැදී නිවේදකයා ඔහුයි.

ඔහුට කැමති ඔහුට ආදරය කරන මෙරට ප්‍රේක්ෂකයින් බොහොමයක් සිටිනවා.

නිතරම සිනහවෙන් සතුටින් කාලය ගත කරන ඔහු සැබවින්ම නිහතමානී සොදුරු හදවතක් තියෙන ජනප්‍රිය චරිතයක් ලෙස කා අතරත් ප්‍රසිද්දියක් උසුලනවා.

දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ නිවේදනයෙන් ආදරය දිනාගෙන වර්තමානයේ චැම්පියන් ස්ටාර් වේදිකාවේද රසබර මතක අවදි කරන නිවේදකයෙකි ඔහු.

 මාධ නිවේදකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් කිවුවාට වැරදි නැහැ.

නිලපබලු ටෙලි කතා මාලාවේ ආදිත්‍ය ලෙස ඔහු රංගනයෙන් දායක වෙනවා. විශේෂයෙන්ම තාරුණ්‍යයේ ආකර්ශනය සහ ආදරය නොඅඩුවම ලැබෙන නිවේදකයෙක් රංගනශිල්පියෙක් ලෙස ඔහු හදුන්වන්නේ ඒ නිසයි.

දෙරණ මාධ්‍ය ජාලයට නැතුවම බැරි නිවේදකයෙක් ලෙසද ඔහු හැදින්වුවාට වරදක් නැත.

මාධව දැන් විවාහකයි. ඔහු විවාහ වෙන්නේ වෛද්‍ය වරියක් වෙන්න තවමත් ඉගෙන ගනිමින් සිටින්නාවූ සුන්දර යුවතියක් වූ නදුනි සමගින්.

ඇයත් ඔහු වගේම නිහතමනී ආදරණිය චරිතයක්. මේ දෙදෙනා ඉතාමත් සතුටින් විනෝදයෙන් කාලය ගත කරනවා දැකගන්න පුළුවන්.

මාධව සහ නදුනි විවාහ වෙලා ඊයේ දිනය වන විට හරියටම වසරක් සපිරෙනවා.

ඒ තමයි ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය.

ඉතින් අපිත් ඔවුන් විවාහ සංවත්සරයක් වේවා කියා ප්‍රර්ථනා කරනවා.

පළමු විවාහ සංවත්සරය කියන්නේ අලුත විවාහ වුන යුවලකගේ ජිවිතයේ වටිනාම දවසක්.

හැමෝම වගේ උත්සාහ කරන්නේ ඒ දවස උත්සවශ්‍රීයෙන් සමරන්න.

ඉතින් මාධව සහ නදුනි ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි කරේ.

පාටි දාලා කේක් කපනවා වෙනුවට ඔවුන් දෙදෙනා. මිය ගිය පසු මුළු සිරුරේම කොටස් පරිත්‍යාග කරන්නට පොරොන්දු වී තිබුණා, ඊයේ දිනයේ.

ඒ විවාහ සංවත්සරය කිසිදිනක අමතක නොවෙන මතකයක් කරමින්.

ඇත්තෙන්ම ඔවුන් කල මේ ක්‍රියාවට අපත් සුබ පතනවා.

මේ ක්‍රියාව හෙට දිනයේ තව කෙනෙකුට මේ උතුම් ක්‍රියාවා කරන්නට සිත් පහල කරාවි.

මෙවැනි පින් සිතුවිලි හැම සිතකම පහල වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now