රැඟුම් පාලක මණ්ඩලය ගැන ජනපති ගත් විශේෂ තීරණය. - (VIDEO)
මෙරට රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටු වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
කලාකරුවන්ට විදීමට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
ඔහු මෙම කරුණු කියා සිටියේ, කොළඹදී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලට එක්වෙමින්.
"මම දැන් ක්‍රියා කරගෙන යන්නේ රැඟුම් පාලක මණ්ඩලය ගැන තීරණයක් ගන්නවා මං. අපි රැඟුම් පාලන පනත දැන් අවුරුදු 100ක් විතර පරණයි. අපි රැඟුම් පාලන මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවන්න යන්නේ. කලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතේ ගේනවා. ඒ නිසා කලාකරුවන්ට අපහසුතාවයන්ට මුහුණදෙන්න වෙනවා. දැන් තියෙන්නේ චිත්‍රපටි විශේෂයෙන් වර්ගීකරණ සහතිකයක් එක්ක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපි දැන් අලුතින් හිතන්න ඕනේ. පරණ නීතිවලට හිරවෙලා මේ වැඩකටයුත්ත කරන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා චිත්‍රපට, රූපවාහිනි නිෂ්පාදන වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ මේක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ."
