මහා නායයෑමකින් අවට සිටි පිරිස ද බේරාගත් සෆ්රාස්ගේ කඳුළු කතාව

Report

පසුගිය දා ඇති වූ දැඩි වර්ෂාව හමුවේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පස් කන්දක් නායයෑමට ලක්වූ අවස්ථාවේදී අසල්වැසියන් රැසකගේ ජීවිත කිහිපයක් බේරාගත් සෆ්රාස් මොහොමඩ් ඒ අත්දැකීම පිළිබඳව තොරතුරු හුවමාරු කරගෙන තිබේ.

ඒ අනුව මෙම නායයෑම සිදු වීමට මොහොතකට පෙර තම නිවස මතට පස්කන්ද එන බව දුටු ඔහු ඔහුත් එක්ක සිටි සිය බිරිඳට, දරුවන්ට හා අසල්වැසියන්ට ද හඩනගා කෑ ගසා ඔවුන් සියල්ලන්ම සමඟ වහා එම ස්ථානයෙන් ඉවත් විය. ඉකුත් නොවැම්බර් 27 වනදා සුළි කුණාටුව සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය, පල්ලේගම ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් නායයෑමේ අනතුරකට ලක්වුණි.

එම නායයෑමෙන් හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයට හා දුම්රිය මාර්ගයටද බරපතළ හානි සිදුවුණි. නායයෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගයට යාබඳව පවත්වාගෙන ගිය දැව වැඩපොළක්, වාහන අලුත්වැඩියා කරන ගරාජයක් සහ එහි තිබූ වාහන සියල්ලම සුන්බුන් ගොඩක් බවට පත් වූ අතර, ඊට පහළින් පවත්වාගෙන ගිය කුකුළු ගොවිපොළක් ද පස්වලින් වැසී ගියේය.

සෆ්රාස් කුකුළු ගොවිපොළ භාරව කටයුතු කරන පුද්ගලයා ලෙස සඳහන් ඒ අනුව අදාළ අවස්ථාවේ දී සෆ්රාස් ඊට පෙර සිය නිවසට සහ ගොවිපොළ මතට වැටී තිබූ පස් සහ ගස් හේතුවෙන් ජල මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් එය පිළිසකර කරමින් සිට ඇති අතර, ඒ මොහොතේ විදුලිය ද ඇණහිට තිබේ.

ඊට මද වේලාවකට පසු එකවරම දුම්රියක් කඩාගෙන පහළට එනවා වැනි විශාල ශබ්දයක් ඇසුණු බවද සෆ්රාස් පැවසීය. පසුව වහාම ක්‍රියාත්මක වී ඇති සෆ්රාස් හැකි ඉක්මනින් නිවසට දිවගොස් නිවැසියන්, ගොවිපොළේ සිටි පුද්ගලයෙකු සහ අසල්වැසි නිවසේ සිටි පවුලයෙකු ද එකතු කර ගනිමින් කැලෑව දෙසට දිවගොස් ඉන් අනතුරුව මහ පාරට ගොස් දිවි බේරාගෙන ඇත.

අම්බුළුවාව ඉඩම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

අම්බුළුවාව ඉඩම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

මරණය පෙනි පෙනී මෙලෙස සෆ්රාස් දිවයන්නේ, තවත් ජීවිත කිහිපයක් රැකගෙන වුවත් ඔහුගේ ගොවිපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම ඔහුගේ දෙනෙතට කඳුළු ගෙනන සිදුවීමකි.ගොවිපොළේ සේවය කළ සේවකයින් 40ක් පමණ ජීවිත බේරාගෙන ඇතත් එහි සිටි සතුන් 60,000ක් පමණ නායයෑමෙන් මියගොස් ඇත.

නායයෑමෙන් ඉතිරිව ඇති සුන්බුන් අතර, සැඟව ගිය ජීවිත ඇත්දැයි කිසිවෙකුත් නොදනී. ඒ අතර වාහන කිහිපයක්ම දක්නට ලැබෙන අතර, ඒවා නවතා තිබූ වාහනද නැතිනම් ධාවනය වෙමින් පැවතියේද යන්න පිළිබඳවද කිසිවෙකු නොදනී.

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා

අද ලොකු ගාණකින් රන්මිල අඩුවෙලා