අමානුශික ලෙස සිදු කළ කැති ප්‍රහාරය.. වීඩියෝ සහිතයි ( CCTV VIDEO)
Crime
Sei lanka
Attac
මාස 3 කට පෙර
යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු, එහි සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
පහරදීම සිදුකරන පුද්ගලයා අලුත්වැඩියා කරමින් තිබූ ඔහුගේ යතුරුපැදියට ද තියුණු ආයුධයෙන් පහරදී හානි කර තිබුණි. මෙලෙස පහරදීමට හේතුව පුද්ගලික ආරවුලක් බව අප වාර්තාකරු පැවසීය.
මෙම පහරදීම සිදුකර ඇති පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. මෙම පහරදීම එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |