සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට නිලධාරීන් පස් දෙනෙක්
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේදී මතුවන ඉන්ධන ගැටලු සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිලධාරීන් පස්දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණ කමිටුවේදී මෙම පියවර ගෙන ඇත.
මෙම නිලධාරීන්ගේ මූලික වගකීම වන්නේ සියලුම අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ඉන්ධන අවශ්‍යතා පිළිබඳව සොයා බලා, ඛනිජ තෙල් සංස්ථාව සමඟ සම්බන්ධීකරණය වෙමින් කඩිනම් විසඳුම් ලබා දීමයි.
එමෙන්කම කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
එළඹෙන උත්සව සමයේදී භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්වීම සහ ජනතාව අසීරුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බව කමිටුව අවධාරණය කරයි..
ඒ අනුව කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින රාජ්‍ය හා පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන ආයතන සඳහා ක්‍රමවත් ලෙස ඉන්ධන නිකුත් කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.