ගිනි අවියක් සහ ටී 56 පතරොම් සහිතව සැකකරුවෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 වර්ගයේ පතරොම් 25ක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (27) දිනයේදී, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගිනි අවිය සහ පතරොම් හමුවී තිබේ.
ඒ අවස්ථාවේ සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු අවුරුදු 43ක් වූ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සහ සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් පවත්වනු ලබන බවද පොලිසිය දන්වා ඇත.