අතිශය ජනප්‍රිය කලාතරුවක් දිවි ගමනට සමුදෙයි
නත්තල් සමයේ නිතර ඇසුණු හඬ මතකයට ඉතිරි කොට ප්‍රවීණ ගායක මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත වේ.
ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායනවේදී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත වූ අතර මියැදෙන විට ඔහු 77 වැනි වියෙහි පසූවූවේ ය.
වර්ෂ 1948 අප්‍රේල් 11 වෙනිදා උපත ලද ඔහු මෙරට ගීත කලාවේ බටහිර ගී ගැයීමෙහිලා ක්ෂේත්‍ර විශ්වාසයත් රසික ආකර්ෂණයත් නොඅඩුව දිනාගත් ප්‍රකට ගායකයෙකි.
එමෙන්ම සංගීතාචාර්යවරයෙක් ලෙස ද නවීනයන් හට සිය දැනුම නොඅඩුව බෙදාදුන් ඔහු ඇත්තෙන්ම අපේ කලා ලොවට අහිමි වූ වටින සම්පතකි.
දශක පහකට වැඩි කාලයක් මෙරට බටහිර සංගීත කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් දුන් රොසයිරෝ සිය අද්විතීය ගායන ශෛලිය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ කලාකරුවෙකි.
ස්පිට්ෆියර්ස් ( SPITFIRES) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ හෙතෙම පසුකාලීනව මහෝගනී නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර, බටහිර ගීත, මෙරට සංගීත ලෝලීන්ට සමීප කරවීමට විවිධ ප්‍රසංග පැවැත්විය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.