රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු ප්‍රභල පාතාල චරිත රැසක් ගැන වමාරයි

Report

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය (24) වනදා මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශනය කිරීමේදී, විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ විමර්ශනවලදී අනාවරණය වූයේ ඔහු විදේශීය සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇති අතර ඝාතනයන් කිහිපයක වෙඩිකරු ලෙස කටයුතු කළ බවයි.

යන යන තැන කැපී පෙනෙන සැප සම්පත් ඉතිරෙන අද වාසනාවන්ත ලග්න මෙන්න

යන යන තැන කැපී පෙනෙන සැප සම්පත් ඉතිරෙන අද වාසනාවන්ත ලග්න මෙන්න

එම සැකකරු සම්බන්ධ සිද්ධීන් අතර 2024 මාර්තු 11 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීම, 2025 මැයි 3 වනදා මීටියාගොඩ පොලිස් වසමේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම, 2025 නොවැම්බර් 28 වනදා මීටියාගොඩ පොලිස් වසමේ පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම යන සිදුවීම් ඇතුළත් වේ.

මෙම සිද්ධීන් සම්බන්ධ වැඩිදුර විමර්ශන මීටියාගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බවද දැනුම් දී තිබේ.

මේ ප්‍රදේශවලට අද හවස තද අකුණු සහත අනෝරා වැසි

මේ ප්‍රදේශවලට අද හවස තද අකුණු සහත අනෝරා වැසි