යන යන තැන කැපී පෙනෙන සැප සම්පත් ඉතිරෙන අද වාසනාවන්ත ලග්න මෙන්න
🔴 මේෂ ලග්නය
උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. වගකීමකින් නිදහස අත් කරයි. ඉදිරි දියුණුවට පියවර කීපයක් ගන්නා බවක් පෙනේ.
🔴 වෘෂභ ලග්නය
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි.
🔴 මිථුන ලග්නය
කතාව නිසා අන් අයගේ සිත් දිනා ගනී. අමතර ලැබීම් හිමිවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.
🔴 කටක ලග්නය
ප්‍රභූ ඇසුරට කටයුතු උදා කරයි. අලංකාරයට විනෝදයට කැමැති දිනයකි. දුරදිග බලා කටයුතු කරන්න.
🔴 සිංහ ලග්නය
වගකීමකින් නිදහස උදා කරයි. සමාජයේ කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. අලුත් බලාපොරොත්තු ඇති කරයි.
🔴 කන්‍යා ලග්නය
විනෝදයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.
🔴 තුලා ලග්නය
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. නිතර විසිතුරු දේට කැමැත්තක් දක්වයි. වගකීමකින් නිදහස සැලසේ.\
🔴 වෘශ්චික ලග්නය
ධාර්මික කටයුතුවලට යොමුවේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. දරුවකු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
🔴 ධනු ලග්නය
ලැබීම් සහිතයි. සහෝදර උපකාරයක් හිමි කරයි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරන දිනයකි. පැවැති උදාසීන ගති මඟ හැරී යයි.
🔴 මකර ලග්නය
යන එන තැන කැපී පෙනෙයි. අමතර දේ ඉගෙනීමට වෙහෙසෙයි. අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි.
🔴 කුම්භ ලග්නය
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වෙහෙසීම් බහුල දිනයකි. හදිසි කටයුතු සූදානමක් ඇති කරයි.
🔴 මීන ලග්නය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට වඩා වියදම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.