එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කළ වයස 24 පුද්ගලයෙකු ත්‍රිරිකුණාමළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මීට අමතරව ගෙවී ගිය පැය 24 ක කාලය තුල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 563 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත මුළු පිරිස 46823ක් දක්වා ඉහල යනවා. මේ අතර ඊයේ අත්අඩංගුවට ගත පිරිස අතුරින් වැඩිම පිරසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.
එම සංඛ්‍යාව 66ක්. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 49ක්,සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 47ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව පළාත් සංචරණ සීමා උල්ලාංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යාමට උත්සාහ කල පුද්ගලයින් 564 දෙනෙකුද නැවත හරවා යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම ඇල්පිටිය උරගස්මන්හංදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
